බ අවිවාහක කාන්තාවක් වුනත් දරුවෝ ඉන්න මවක් වුනත් ඔබේ නිරෝගීබව සහ හොඳ පෙනුම රැකගැනීම ගොඩක් වැදගත් වෙනවා. එයින් ඔබේ සතුට වැඩි වෙනවා. ඔබ නිරතුරුවම සැමියා සහ අවට සිටින හැමෝගෙම ආදරයට පාත්‍ර වෙනවා. ඔබේ ජීවිතේ හැම පැත්තක්ම සාර්ථක වෙන්න මෙන්න මේ නිරෝගීකම සහ සුන්දරත්වය ගොඩක්ම බලපානවා. ඉතින් අපි අද Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා දැනගමු මොනවද නිරෝගීකම රැකගන්න කරන්න ඕනේ කියල.


fb-like-beg

 


හොඳ සමබල ආහාර වේලක්

ආහාරය කියන්නේ ඔබේ සිරුර දුවන ඉන්ධන කීවොත් වරදක් නැහැ. ඔබ ආහාරයෙන් සිරුරට ලබාදෙන දේ අනුව තමයි සිරුර නැවත ඔබට නිරෝගීකම හෝ රෝගීකම ලබා දෙන්නේ. දිනපතා විස සහිත ආහාර මගින්, කෘතීම ආහාර මගින් සිරුරට ඔබ ලබා දෙන්නේ නරක දේ නම් ඉක්මනින් ඔබේ නිරෝගී සුන්දරත්වය ගිලිහී යනවා.

ලංකාව කියන්නේ අහාර සහ කෘෂි කර්මාන්ත වල කිසිම නියාමනයක් නැති රටක්. ආහාර වලට හිතෙන විදිහට කල්තබාගනීමේ කාරක යොදනවා. අහිතකර රස කාරක යොදනවා. මිනිස් සිරුරට නොගැලපෙන නරක්වුන ආහාර නැවත පිස දෙනවා. මේ වගේ පරිසරයක නිවසින් පිසපු හොඳ ආහාර වේලක් ගැනීම ගොඩක් වටිනවා. කොළ මැල්ලුමක්, එළවලු, මස්/ මාළු/ බිත්තර එක්ක ආහාර වේල ගන්නවා නම් එයින් ඔබේ සිරුරට ලැබෙන ප්‍රතිලාභ මෙතෙකැයි කියන්න බැහැ.

ව්‍යායාම

ව්‍යායාමයක් දිනපතා හෝ සතියට අවමයෙන් දවස් 5 ක් කරනවා නම් එයින් ඔබේ සිරුරට වගේම මනසටත් ගොඩක් ප්‍රතිලාභ ලැබෙනවා. ව්‍යායාම කරද්දී ශරීරයේ අනවශ්‍ය මේද දහනය වෙලා ඔබ නිරෝගී වෙනවා. ලස්සන වෙනවා. හැඩය ආරක්ෂා වෙනවා. මොලය මගින් සතුටු හෝර්මෝන ශ්‍රාවය කරනවා. එවිට ඔබේ මානසික පීඩනය අඩු වෙලා යහපත් සෞක්‍ය තත්වයක් ඔබට ලැබෙනවා.ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිය ඉහල යනවා.

වතුර / වතුර සහ වතුර

වතුර තමයි ඔබේ හොඳම මිතුරා. දිනකට අවමයෙන් වතුර වීදුරු 8 ක් වත් පානය කල යුතු බව වෛද්‍ය මතයයි. එමගින් සිරුරේ පරිවුර්තීය ක්‍රියා වේගවත් වෙනවා. වයසට යාමේ වේගය පාලනය වෙනවා. සම පැහැපත් වෙලා නිරෝගී බවක් ලැබෙනවා.

ලෙඩ රෝගයක් නැතිනම් දිනපතා ස්නානය කිරීම ඔබේ කායික මානසික සුවයට වගේම පිරිසිඳු කමටත් ගොඩක් වැදගත්. නෑමෙන් ඔබේ සිරුර ප්‍රබෝධමත් වෙනවා.

හිරු එලිය මගහරින්න

ඉර එලිය තමයි ඝර්මකලාපීය අපේ රටේ සමට ඉන්න ලොකුම හතුරා. ඉතින් එලියට යද්දී කුඩයක් , තොප්පියක් ගෙනියන්න. ඒ වගේම ඉර එළියේ ඉන්නවා නම් පැය දෙකකට වතාවක් බැගින් SPF අගය 30 වගේ තිබෙන හොඳ සන් ස්ක්‍රීන් ක්‍රීම් එකක් අලේප කරන්න අමතක කරන්න එපා.

සතුටින් ඉන්න

ඔබේ සතුට පෙම්වතා මත, සැමියා මත පටවන්න එපා. ඔබේ සතුට ඔබේම තීරණයක්. ඔබ ඔබේ සතුට වෙනුවෙන් විනෝදාංශ වල නිරත වෙන්න . යාළුවො පිරිසක් ඔබට ඇති කර ගන්න. විනෝද වෙන්න. හැමවිටම සතුටින් ඉන්න කෙනෙක් වෙන්න උත්සහ දරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. අනාගතය වෙනුවෙන් ආයෝජන , ඉතුරුම් වල යෙදෙන්න. සතුට කියන්නේ ඔබට අනුන් දෙන දෙයක් නෙවේ ඔබ විසින් ඔබටම දෙන දෙයක් කියල මතක තියා ගන්න.

SHARE