නි

න්ද සහ ඔබේ රූපය අතර සම්බන්ධතාවයක් තිබෙනවාද? ඇත්තටම ඔබ නිදා ගන්නා ක්‍රමය, නිදා ගන්නා ඉරියව් සහ ඔබේ නින්දට වැටීමේ ගති සිරිත් සහ ඔබේ රූප සෞන්දර්යය අතර මනා සබඳතාවයක් පවතිනවා. ඉතින් අද අපි අපේ Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා එවැනි කරුණු 6ක් ගැන සාකච්චා කරන්නට තීරණය කළා. මේ අඩුපාඩු ඔබේ අතින් සිදු නොවෙන්නට වග බලා ගන්න.


fb-like-beg

 


ඔබ නිදා ගන්නා ඉරියව්ව

ඔබ නිදා ගන්නේ මුනින් අතට හැරී හෝ පැත්තට හැරී නම් ඔබේ රූපයට හානි වීමේ ඉඩකඩ වැඩියි. ඔබ මුනින් අතට වැටී නිදා ගන්නා විට කොට්ටයට ඔබේ මුහුණ තද වෙනවා. එමඟින් ඔබේ මුහුණේ රැලි වැටීම් ඇති වීමේ අවදානමක් පවතිනවා. ඔබ පැත්තට හැරී නිදා ගත්තත් මුහුණේ එම පැත්ත කොට්ටයට තද වීමෙන් රැලි වැටීම් ඇති වෙනවා. එමෙන්ම කොට්ටයේ ඔබේ හිස කෙස් වල ඇති ඉස්සොරි, තෙල් සහ අපද්‍රව්‍ය තැවරෙනවා. ඒවා ඔබේ මුහුණේ සම හා ගැටීමෙන් ඔබේ මුහුණේ කුරුලෑ ඇතුළු නොයෙකුත් ආසාදන හට ගන්නවා.

නිදා ගැනීමට පෙර මේකප් ඉවත් කිරීමට අමතක වීම

මේකප් ගලවාගෙන නින්දට යාමේදී ඔබේ මුහුණේ සමට හානි පැමිණෙනවා. සමට අවශ්‍ය වාතාශ්‍රය නොලැබී යාම, සමේ සිදුරු වැසී යාම, සම අළුත්වැඩියා වීමේ ක්‍රියාවලියට හානි පැමිණීම වැනි හේතූන් නිසා සමේ නැවුම් පෙනුම ඉක්මනින්ම අහිමි වෙනවා. සම මත කුරුලෑ, ලප, පැල්ලම්, රැලි වැටීම් සහ කුෂ්ඨ වැනි රෝග ඇති වීමටත් මෙය බලපානවා.

ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම

මනුෂ්‍යයෙකු දිනකට පැය අටක නින්දක් ලබා ගත යුතුයි. නිදි මැරීම නිසා ඔබේ ඇස් යට ගිලි, ඇස් වටා කළු වී මුහුණට වෙහෙසකාරී පෙනුමක් ලැබෙනවා. නින්දේදී ඔබේ සම විවේක ගන්නවා. ඒ අතරතුර සමට අවශ්‍ය කොලජන් නිපදවනවා. දිවා කාලයේදී ඔබේ ඇස් වල ඇති වුණු වෙහෙස නින්ද අතරතුරේදී අඩු වී යනවා. ඉතින් ඔබ දිනකට අවශ්‍ය පැය ප්‍රමාණය නිදා ගන්නේ නැති නම් ඔබේ රූපයට හානි පැමිණෙනවා.

නිදි මත එන තුරු ජංගම දුරකථනය භාවිතය

වර්තමානයේ ජංගම දුරකථනය අපි හැමෝටම සමීප අංගයක් වෙලා. ඉතින් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඇඳට ගිහින්, නිදි මත එනතුරු ජංගම දුරකථනය භාවිතා කරන්න. නින්ද යන තුරු මෙසේජ් යවමින්, ගේම් ප්ලේ කරමින් සිටීම ඔබේ දෙනෙත් වලට සුභදායි වන්නේ නම් නැහැ. අඳුරු ස්ථානයක ජංගම දුරකථන තිරයෙන් නිකුත් වෙන ආලෝකය දෙස බලාගෙන සිටීමෙන් ඔබ නොදැනුවත්වම ඔබේ දෑස් වටා කළු වෙනවා.

නින්දට පෙර කැෆේන් අඩංගු පානයන් ලබා ගැනීම

නිදා ගැනීමට කලින් මත්ද්‍රව්‍ය, කෝපි, තේ, සෝඩා වැනි පානයන් ලබා ගැනීමත් ඔබේ රුව නසනවා. නිදා ගැනීමට ආසන්න වී මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් සම මත රැලි වැටීම් ඇති වෙනවා. මේ නිසා මෙවැනි පානයන් නිදා ගැනීමට පැය 5 කට පමණ පෙරවත් නවත්වා දමන්න. කෝපි වැනි කැෆේන් අඩංගු බීම වර්ග ඔබේ නිදි මත නැති කර දමනවා. පුරුද්දක් ලෙස ඒවා පානය කිරීමෙන් ඔබට නින්ද නොයෑමේ රෝගයන් වැළඳීමේ අවදානම වැඩියි. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ වයස්ගත වීමේ ලක්ෂණ පහල වනු ඇත.

කොට්ට උර සහ ඇඳ රෙදි සෝදන කාල පරතරය අඩු වීම

ඔබ නිදා ගැනීමේදී භාවිතා කරන කොට්ටා උර සහ ඇඳ රෙදි නිතර සෝදන්න. ඔබ නිදාගෙන සිටීමේදී ඔබේ හිස කෙස් වල ඇති අපද්‍රව්‍ය, තෙල් ආදිය ඔබේ කොට්ටා උර වල තැවරෙනවා. ඔබ නිදාගෙන සිටීමේදී ඔබේ ඇඳ රෙදි වල සිරුරේ දහදිය සහ මළ සෛල තැවරෙනවා. එම නිසා ඔබේ ඇඳ රෙදි සහ කොට්ටා උර වල බැක්ටීරියා වර්ධනය වෙනවා. මේවා ඔබේ සම මත තැවරී ඔබේ මුහුණේ කුරුලෑ සහ වෙනත් ආසාදනයන් හට ගන්නවා. මේ නිසා නිරන්තරයෙන් ඒවා පිරිසිඳු කර ගැනීමට උත්සාහ කරන්න.

SHARE