රැ

කියාවක් කරන්න පටන් ගන්න මුල් කාලේ හැම ගැහැණු ළමයටම තිබෙන ගැටළුවක් තමා හොඳට ඇඳ පැළඳගෙන වැදගත් ලෙස එයට යාම. වයස තිස් ගණන් වලට එද්දී උපයන ප්‍රමාණය වැඩි නිසා මේක තව දුරටත් ගැටළුවක් වෙන්නේ නැහැ. නමුත් අලුතින්ම වෘත්තිය පටන් ගන්න විසි ගණන් වල මුල ඉන්න විධායිකාවන්ට සල්ලි පිරිමහගෙන , අධ්‍යාපනයට වියදම් කරමින් කාටවත් දෙවෙනි නොවෙන්න අඩු මුදලකින් අඳින හැටි ගැන අද Goodhousekeeping.lk වෙබ් අඩවිය මගින් කියා දෙන්න තීරණය කළා.


fb-like-beg

 


ඔබේ බාහිර පෙනුම වෘත්තිය ජීවිතේට බලපානවා

ලස්සනට අඳින එක ඔබේ වුර්තීය ජීවිතේට බලපෑමක් ඇති කරන්නේ නැහැ කියල කීයටවත් හිතන්න එපා. ඔබ ලස්සනට ඇඳලා යද්දී ඔබටත් ප්‍රබෝධයක් දැනෙනවා. ඔබට දවසම සාර්ථකව රාජකාරි කරන්න මේ ආත්ම විශ්වාසය ගොඩක් උපකාර වෙනවා. ඒ වගේම ආයතනයේ අනික් අයත් ඉබේම ඔබේ පෙනුම ගැන ප්‍රසාදයක් ඇති කර ගන්නවා. ඔබේ මිතුරු හමුවලට , පෞර්ෂයට හැම දේටම මේ ලස්සනට , පිළිවෙලට , වැදගත් විදිහට අඳින එක හේතු වෙනවා. මුල ඉඳලම ලස්සනට හොඳ වුර්තීයමය කාන්තාවක් වගේ අඳින එක හිතට ගන්න ඕනේ. මෙයින් අදහස් වෙන්නේ එක එක විච්චූරණ විලාසිතා වලට ගන්න වැටුපම වියදම් කරන්න කියල නෙවෙයි.

කළු පාට සායවල් සහ කලිසම්

ඔබ හොඳ සාප්පුවකට ගිහින් තරමක් වටිනාකමින් වැඩි ඔබේ ඇඟට ලස්සනට ගැලපෙන කට් එකක් තිබෙන කලිසමක් සහ සායක් මිලට ගන්න. බොහෝ විට මෙය පින්තූරයෙන් පෙන්නුවා වගේ ටයිට් ස්කර්ට් එකක් වෙන්න ඕනේ. මේවා ඕනෙම ටොප් එකකට ගැලපෙනවා.

ලේබල් කපපු ෂර්ට් / Factory Rejects

ලංකාවේ අපනයන තත්වයේ නිමි ඇඳුම් නිපදවන රටක්. එහිදී ඉතාම වටිනා අපනයනයට හදපු ඇඳුම් නිෂ්පාදනයේ පොඩි දෝෂ නිසා අයින් කරනවා. සමහර කඩ වල ලේබල් කපල විකුනන්න තියෙන්නේ මේවා. හොයල බලන්න එහෙම තැන් තිබෙනවා කොළඹ පුරාම. රුපියල් 1000 ට අඩුවෙන් ගොඩක් හොඳ ෂර්ට්, බ්ලවුස් මිලට ගන්න පුළුවනි. ඒවගේ ඒවා 5 ක් විතර ගන්න.

වටිනා අත් ඔරලෝසුවක්/ බෙල්ට් එකක්/ සපත්තු ජෝඩු දෙකක්

ටිකක් වටිනා හොඳ පෙනුමක් තියන සපත්තු වර්ග දෙකින් ගන්න. බෙල්ට් එකක් ගන්න . ඔරලෝසුවක් ගන්න. මේ වගේ දේවල් වලට වැඩියෙන් මිලක් දීල ගන්න එක දහ ගුණයක් ලාබයි. හොඳ පෙනුමක් ලැබෙනවා විතරක් නෙවේ සාමාන්‍ය එකකට වඩා දෙතුන් ගුණයක් පාවිච්චි කරන්න පුළුවන්.

හොඳ අත් බෑග් එකක්

මේකත් හොඳ එකක් ගන්න. තරුණ විධායිකාවෝ ලංකාවේ බස් වල ගමන් කරන නිසා සේරම බඩු දාගන්න පුළුවන් වෙන විදිහට ලොකු එකක් ගන්න. කුඩයක් අනිවාර්යයෙන් දාගන්න ඕනේ. බස් එකෙන් බැස්ස ගමන්ම කුඩේ ඉහලගන්න. අවුව තමා ඔබේ හම අවලස්සන කරන හතුරා. ගෙදරින් ආහාර ගෙනියන එක ඔබේ සනීපයටත් හොඳයි. පර්ස් එකටත් හොඳයි. ලොකු අත්බෑග් එක නිසා ලස්සන පෙනුමක් ලැබෙනවා. ඒ වගේම ඔබේ අවශ්‍යතා ඔක්කොම සම්පූර්ණ වෙනවා. මේකත් හැම ඇඳුමටම අඳින්න කලු/ අලු වගේ වර්ණයකින් ගන්න.

ඔබට සම්පූර්ණ පෙනුමක් අඩුම වියදමකින් ලබා ගන්න හොඳම ටිප්ස් තමයි මේවා. අත්හදා බලන්නකෝ. බලල අපිටත් කියන්න. මේක ඔයාට වටිනවා කියල හිතෙනවා නම් යාලුවන්ටත් පෙන්න ශෙයා කරන්න.

SHARE