ජි

ජිවිතයේ මොන තරම් ඉහක ජයග්‍රහණ ලබා ගෙන තිබුනත්, විවාහ වෙන්න බැරි වුන පුද්ගලයෙක් දිහා අමුතු විදිහට බලන්න සමාජය පුරුදු වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ ගැටලුව පැන නඟින්නේ තරුණ විය පසු කරමින් ඉන්නා කාන්තාවන්ටයි. “දැන් වයස හරි නේද?, බඳින්න අදහසක් නැද්ද?” වගේ දහසකුත් කතා අසමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරන්නට අපේ සමාජය පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඔබ දන්නවද? විවාහ වෙන්න බැරි වුනත් ලෝකයේ ඉහලටම ගමන් කරපු ප්‍රසිද්ධ චරිත ඕනෑ තරම් සිටින බව? අද අපි කතා කරන්නේ එවැනි පුද්ගලයන් කීප දෙනෙක් ගැනයි.


fb-like-beg

 


1 Leonardo Di Caprio

මේ ප්‍රසිද්ධ රංගන ශිල්පියාව ඔබ හොඳින්ම දන්නවා ඇති. ඔහුට පෙම්වතියන් නම් ගොඩක් ඉන්නවාලු. හැබැයි ඔහු අවුරුදු 40 වෙන තුරුත් විවාහ වෙන්න අදහස් කලේ නම් නැහැ. ඔහු තමාගේ රංගන දිවියේ ඉහලට යාමට උපරිමයෙන් කැපවෙන කෙනෙක් කිව්වොත් නිවැරදියි.

2 Charlize Theron

හොලිවුඩයේ දුඹුරු කෙස් ඇති මේ දක්ෂ රංගන ශිල්පිනියව නොදන්නා කෙනෙක් නැහැ. ඇය ඊට අමතරව නිෂ්පාදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඇය පෙම්වතුන් ඇසුරු කලත් විවාහ වුනේ නැහැ. හැබැයි ඇය අනාථ දරුවන් දෙදෙනෙකු හදා වඩා ගැනීමට ගෙන තිබෙනවා.

3 Al Pacino

ඔහු ඇමරිකාවේ ගොඩක් ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්. ඔහු පෙම්වතියන් කිහිප දෙනෙක්වම ඇසුරු කර තිබෙනවා. විශේෂත්වය වන්නේ ඔහුට දරුවන් දෙදෙනෙකුත් ඉන්නවා. හැබැයි ඔහු අවිවාහකයි.

4 Salman Khan

ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධම රංගන ශිල්පින් අතරින් එක් අයෙක් තමයි මේ. ඔහු ප්‍රේම සම්බන්ධතා කීපයක් පැවැත්වුවත් විවාහ වීමට අවස්තාව ලැබුනේ නැහැ. ඔහු විවාහ නොවුනත් ඉන්දියාවේ තරුණියන්ගේ සිහින කුමරා ලෙස ඔහු තවමත් ජනප්‍රියයි.

5 Coco Chanel

ඇය කාන්තා විලාසිතා නිර්මාණකරණ අංශයේ ඉමහත් ලෙස ප්‍රසිද්ධියට පත් වුනු කාන්තාවක්. ඇය වරක් පවසා ඇත්තේ පුරුෂයෙකු යටතේ සිටීමට සිදු වීම ඇයට බරක් බවයි. කාන්තා නිමි ඇඳුම් නවීකරණයේ පුරෝගාමියෙකු ලෙස ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.

දෙවන කොටස සඳහා පිවිසෙන්න

SHARE