පුං

චි සෛලයකින් හට ගන්නා ජිවය ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේ හරි පුදුම විදිහට. හෙමිහිට හෙමිහිට දරුවාගේ අවයව වැඩෙන්නේ මවට නොදැනෙන විදිහටයි. ස්නායු පද්ධතිය වැඩිලා, ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නෙත් ඒ විදිහටමයි. කලලයට සති 5ක් වෙනකොට, ස්නායු පද්ධතියේ මුලික සංඝටක වන මොලය, ස්නායු රජ්ජුව සහ මුලික සංවේදීය එකක නිර්මාණය වෙනවා. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් පටක සහ පද්ධති හට ගැනීම ආරම්භ වෙනවා. ඉතින් ඔබේ කුස තුල සිටින මේ පුදුමාකාර ජීවියා වෙනුවෙන් ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයන්ට කළ හැකි දේ බොහෝයි.


fb-like-beg

 


දරුවාට ඇසෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

  • කළලයට සති කීපයක් වෙනකොට ශ්‍රවණය සඳහා අවශ්‍ය වෙන පිට කන, මැද කන සහ ඇතුළු කන නිර්මාණය වෙන්න පටන් ගන්නවා. සති 12 – 28 අතරදී දරුවාගේ කන සම්පුර්ණයෙන්ම වැඩිලා ඉවරයි.
  • කළලයට සති 18 -20 අතර කාලය තුලදී එය පරිසරයේ ශබ්ද වලට ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නවා.
  • කුස තුල සිටින දරුවා ඇසෙන ශබ්ද වල හොඳ සහ නරක ස්වරූපය හොඳින් හඳුනා ගන්නවා. කිසියම් අසහනකාරී ශබ්දයක් ඇසෙන විට කම්පනයට පත් වන දරුවා, සහනදායි ශබ්දයක් ඇසෙන විට සමනයට පත් වෙනවා.
  • දරුවා මවගේ කටහඬ හඳුනා ගන්නවා. මව යෙදෙන ආදරණිය සංවාද සහ මව සවන් දෙන රසබර සංගීතයට දරුවා හුරු වෙනවා. මේ කාලයේදී කුසයේ සිටින දරුවා සමඟ ආදරයෙන් කතා කිරීම ඉතා වැදගත් වෙනවා. මව හා පියා යන දෙදෙනාම දරුවා සමඟ කතා කරන්න.
  • ඔබේ දරුවා අප්‍රසන්න ලෙස ප්‍රතිචාර දක්වන්නේ මොනවාට දැයි හඳුනා ගන්න. ඝෝෂාකාරී ස්ථාන වල රැඳෙන්න එපා. රණ්ඩු දබර ඇති ස්ථාන වලින් ඈත් වෙන්න, එවැනි රූපවාහිනී වැඩසටහන් නැරඹීමෙන් සහ සවන් දීමෙන් වළකින්න.
  • පිරිත්, පරිසරයේ ස්වභාවික හඬවල් සහ මනස සංසුන් කරවන සංගීතය දරුවාට ඇසෙන්නට සලස්වන්න.

ඔබේ ආතතිය දරුවාට වැටහෙනවා

මව යම් කරුණක් ගැන දිගින් දිගටම දුක් වෙනවා නම්, බිය වෙනවා නම් එය දරුවාට දැනෙනවා. මවගේ සන්තාපයෙන් පිරුණු සිතුවිලි නිසා, ඇගේ සිරුරේ රසායනිකයන් සහ හදවතේ ගැස්ම වේගවත් වෙනවා.

මවගේ සිරුරේ ඇති වන ආතති හෝමෝන දරුවාට බලපානවා. එම හෝමෝන වලින් ලබා දෙන පණිවිඩය වන්නේ “බේරී දුවන්න හෝ සටන් කරන්න” යනුවෙනුයි.

ඉඳහිට සිදු වන අප්‍රසන්න සිදුවීම් දරුවාට එතරම් බලපාන්නේ නැහැ. නමුත් නිතර එවැනි දේ සිදු වීමට ඉඩ නොදිය යුතුය.

මේ කාලයේදී මවට යම් කිසි ප්‍රශ්නයක් ඇති වූ විට ඒවා දිගින් දිගටම ඇදගෙන යෑම සුදුසු නැහැ. මව හිත සසල කර ගැනීම දරුවාට අහිතකර ලෙස බලපානවා. දරුවා වෙනුවෙන් සීයලා ඉවසීමට පුරුදු වන්න. සිත සංසුන් කරවන භාවනාවක නිරත වීම පුරුද්දක් කර ගන්න.

ගැබිණි මවකට සහනදායි සහ සුහදශීලි පරිසරයක් ගොඩ නඟා දීම පවුලේ සියල්ලන්ගේම වගකීමක්.

දිනපතා ඔබේ දෑත් කුස මත තබා, දරුවා ගැන ආදරයෙන් සිතන්න. එවිට එම සිතුවිලි දරුවා වෙත ලඟා වනු ඇත.

කුසට පිටින් සිදු කරන ස්පර්ශයන් ඔබේ දරුවාට දැනෙනවා.

දරුවාට සති 15ක් පමණ වන විට ස්පර්ශය දැනෙන්නට පටන් ගන්නවා. ගර්භාෂය පිටින් තෙරපුවොත් හෝ තද කළොත් දරුවාගේ හද ගැස්ම වේගවත් වෙනවා. යම් දෙයක් කුසේ ඇනුනොත් දරුවා දඟලන්නට පටන් ගන්නවා.

දරුවා සීතලට කැමති නැහැ. කුසට සිතල යමක් දැමුවොත්, කුස තුල වෙනත් පෙදෙසකට වහා පිහිනා යනවා.

දරුවා දෑස් ප්‍රයෝජනයට ගන්නේ මෙහෙමයි.

කලලයට මසක් පිරෙන විට අක්ෂි පද්ධතිය ගොඩ නැඟීම පටන් ගන්නවා. මාස 3ක් වන විට බැලීමට අවශ්‍ය සියලු අංග ඇසේ නිර්මාණය වෙනවා.

පිටත ආලෝකයෙන් 2% – 10%ත් අතර ප්‍රමාණයක් දරුවා භුක්ති විඳින බව පැවසෙනවා.
දරුවා රසයන් හඳුනා ගන්නවා. ඒ නිසා ඔබ ලබා ගන්නා ආහාර ගැන සැලකිලිමත් වෙන්න.
කළලයට සති 12ක් වන විටදී, රස බැලීමට අවශ්‍ය රස නහර නිපදවී අවසන් වෙනවා.
දරුවා තමා වටා ඇති තරලය උරා ගන්නවා. ඔබ ලබා ගන්නා ආහාරයේ රසය අනුව, මේ තරලයේ රසය වෙනස් වෙනවා.

දරුවා පෝෂණය වන්නේ ඔබ ලබා ගන්නා ආහාරයේ පෝෂක කොටස් වලින් වුවත්, දරුවාට ඔබ ලබා ගන්නා ආහාරයේ රසයත් හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

දරුවා සුවඳ විඳිනවා.

නූපන් දරුවාට ගඳ සුවඳ හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ගඳ සුවඳ හඳුනා ගැනීමට හැකි වන පද්ධතිය කළලයට මාස 4 -5 කාලය ඇතුලතදී වැඩී අවසන් වෙනවා.
දරුවාට ඔබ ගල්වන සුවඳ විලවුන්, ඔබ ආහාරයට ගන්නා ආහාර වල ඇති තුනපහ සුවඳ දරුවා හඳුනා ගන්නවා.

මව ප්‍රිය කරන සුවඳක් ඇය සිටින වටපිටාවේ විසුරුවා තැබීමෙන් සහ සුවඳ මල් පිරුණු තැන් වල ගැවසීමෙන්, එය දරුවාට හිතකර ලෙස බලපානවා.

SHARE